මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි


“ඒ ප්‍රහාරයෙන් මගේ ජීවිතය බේරුණේ අනුනවයෙන්” -මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි-

ඔබ වහන්සේගේ ගම?

අකුරැස්ස අගලකඩ මම උපන්නේ.අපේ ගම ගහකොළ මලින් පිරුණු ඇළදොළ ගලා බසිනා සුන්දර ගමක්.

පවුලේ විස්තර?

මගේ තාත්තගේ නම මාතර ගමගේ ප්‍රැන්ටිස් අප්පුහාමි.අම්මා වැලිකෝරළගේ හින්නිහාමි.මගේ පවුලේ අයියයි, අක්කයි, මල්ලිලා දෙන්නයි, නංගියි.

ඉගෙනුම ලැබුවේ?

පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා පෝරතොට කනිටු විදුහලෙන් අධ්‍යාපනය ලැබුවා.අනතුරුව ජනප්‍රිය විදුහලකට තෝරාගැනිමේ විභාගයෙන් සමත් වෙලා මම තෙලිජ්ජවිල මධ්‍ය මහ විදුහලට ඇතුළත් වුණා.එහි සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා.

ගිහි කාලේ ඔබ වහන්සේ දකෂතා දැක්වුයේ ?

මම පුංචි කාලයේ ඉඳලම ලේඛනයට හා කියවිමට ලැදිකමක් දැක්වුවා.ඒ කාලයේ ළමයින් අතරේ ජනප්‍රිය පත්තරයක් වුණු මිහිර පත්‍රයේ මම හොඳ පාඨකයෙක් .ඒ වගේම ලේඛකයෙක්.සාහිත්‍යයට බර දේවල්වලට මම වැඩි කැමැත්තක් දැක්වුවා.

සමාජ සේවා කටයුතු ?

අපේ නිවසට ගමේ මිනිස්සු නිතර ආව ගියා.මගේ තාත්තා ඒ කාලයේ දේශපාලන කටයුතුවල නිරත වුණා.එසේම තාත්තා ගමේ විවිධ සමාජ සේවා කටයුතු වලත් පෙරමුණ ගත්තා.මේ නිසා අපේ ගෙදර නිතරම සමිති සමාගම් තිබුණා. මේ ආභාෂය හා මගේ කැමැත්ත නිසාම පුංචි කාලයේ ඉඳලම මමත් ගමේ ළමයි එක්ක විවිධ සමිති සමාගම් බිහිකරගෙන ශ්‍රමදාන ආදි විවිධ සමාජ වැඩ කළා.විශේෂයෙන් සර්වෝදය ව්‍යාපාරයේ කටයුතුවල නිරතවුණා.ඒ දවස්වල ගම්වලට කොළඹින් ඇවිත් චිත්‍රපට පෙන්වනවා.මම කොළඹට ලියුම් යවලා ඒ වගේ චිත්‍රපටි ගමට ගෙන්වා පෙන්නුවා.

පන්සලේ ඇසුර ?

පන්සල තියෙන්නේ අපේ ගේ ළගමයි.ඒ හින්දා මම නිතරම හිටියේ පන්සලේ.අගලකඩ ශ්‍රි ධර්මරක්ෂිතාරාමය මගේ ජිවිතය වෙනස් කරන්න ගොඩක් බලපෑවා.පන්සලේ ගොඩක් පින්කම් උත්සව සංවිධානය කළෙත් අපියි.

ඔබ වහන්සේගේ පාසල් කාලය සිහිකළොත්?

අපේ ළමා කාලය හරිම සුන්දරයි.නියම ළමා කාලයක් අපි ගතකළා.ඇළට දොළට පැනලා නානවා.ගස්වල නැගල පලතුරු කඩාගෙන කනවා.වෙල් එළියේ දුව පනිනවා.මම කොහොමත් ස්කොලේ ඇරිලා ගෙදර ගියේ නැහැ.කෙළින්ම යන්නේ යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න.ගෙදර යන්නේ කළුවර වැටිගෙන එනකොට.ගෙදර යනකොට සුදු ඇඳුම කිළිටි වෙලා ස්කෝලේ යන්න අපි පාන්දර ඇහැරෙනවා.අම්මා අපි ඔක්කෝම ළගට අරන් අකුරු කියලා දෙනවා.පාඩම් කියලා දෙනවා.මේ නිසා අපි ස්කොලේ ගියේ පාඩම්වලට සුදානම් වෙලයි.අපේ අම්මාගේ උත්සහය නිසා අපේ පවුලෙන් උපාධිධාරින් හතර දෙනෙකු බිහිවුණා.

පැවිද්දට යොමුවුණේ කොහොමද ?

අපේ තාත්තා දැඩි මතධාරියෙක්.ඒ නිසා එයා කැමැති වුණේ නැහැ මම පැවිදි වෙනවට.අම්මගේ අකමැත්තක් තිබුණේ නැහැ.නිවස ළගම පන්සල ගිය නිසා එහි හාමුදුරුවන්ගේ පූජනිය ජිවිතය දැකලමට මහණ වෙන්න අදහසක් ආවා.

ඊට පස්සේ?

ඔහොම ඉන්නකොට මම ඒ කාලයේ තිබුණු ‘රිවිරැස” පත්‍රයට දැන්විමක් දැම්මා මට පැවිදි වෙන්න සුදසු තැනක් ඔිනේ කියලා.අපේ ගෙදර කවුරුවත් මේ ගැන දැනගෙන හිටියේ නැහැ.සතියක් යනකොට මට ලියුම් මිටියක් ආවා විවිධ පළාත්වල හාමුදුරුවරුන්ගෙන්.

ගෙදරට ලියුම් මිටියක් ආවාම ගෙදරින් ප්‍රශ්න කළේ නැද්ද ?

නැහැ.මම ඒ වෙනකොට පත්‍ර සඟරා ආදියට ලිපි ලියනවනේ.ඒ නිසා නිතර මට ගෙදරට ලියුම් එනවා.

ඒ ලැබුණු ලිපි වලට පිළිතුරු දැම්මාද ?

ඔව්.ඒවාට මම පිළිතුරු දැම්මා.කොහොම හරි ඔහොම ලිපි ගනුදෙනුවක ප්‍රතිඵලයක් හැටියට මාපලගම අමර හාමුදුරුවෝ අපේ ගෙදරට වැඩම කරලා මගෙත් එක්ක කථාකරලා පැවිදි වෙන්න දිනයකුත් දාගෙන ගියා.

තාත්තාගේ තීරණය?

අද මට හිතෙනවා එදා තාත්තාගේ දැඩි තීන්දුවකට එරෙහිව මම තීරණයක් ගත්තා කියලා.පස්සේ අමර හාමුදුරුවෝ මාව එක්ක ගිහින් දෙණියාය කළුබෝවිටියන පන්සලේ ලොකු හාමුදුරුවන්ට බාරදුන්නා මාව පැවිදි කරන්න.

පැවිදි ගුරුවරයා ?

රුවන්කන්ද රජමහා විහාරාධිපති දෙහිගස්පේ සුමනසාර ලොකු හාමුදුරුවෝ .පැවිද්ද මට අලුත් අත්දැකිමක් ලෙස දැනුනේ නැහැ.පුංචි කාලේ ඉඳලම හාමුදුරුවන්ගේ ඇසුර නිසා පැවිදි දිවිය ගතකිරිම මට අසීරු වුනේ නැහැ.

සරසවි අධ්‍යාපනය ?

බද්දේගම මාජුවාන ඉන්දසාර පිරිවෙණින් අධ්‍යාපනය ලබලා මම මුලින්ම තේරුණේ පේරාදෙණිය විශව විද්‍යාලයට.මේ නිසා ගමන් අපහසුව හින්දා මම කොළඹ විශ්ව විද්‍යාලයට සුහද මාරුවක් ගත්තා.

සරසවි අධ්‍යාපනය ලබන කාලේ මතකය?

88-89 කාලයේ බිහිසුණු අත්දැකිම් රැසක් මම ලැබුණා.අද හවස අපි එක්ක දේශනවලට එකට වාඩිවෙලා හිටපු යාළුවෝ උදේ බලනවිට මරාදාලා තිබුණා.ඒ සිද්ධි මගේ හිත කම්පනයට පත්කළා.

ව්විධ ජාතික සටන්වලත් ඔබ වහන්සේ ක්‍රියාකාරිව සිටිනවා ?

ඔව්.ඉන්දු ලංකා ගිවිසුම වෙලාවේ දැඩි ප්‍රහාරයකට මම ලක්වුණා.මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ එක්ක අපි එදා පිටකොටුවේ විශාල විරෝධයක් ගෙන ගියා.ලක්ෂ ගණනක් සෙනඟ හිටියා. එදා බිල්ඩින් උඩ ඉඳන් කදුළු ගෑස් ගැහැව්වා.අපි එදා ජීවිත බේරාගත්තේ අනුනවයෙන්. මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන් ගේ නායකත්වයෙන් ගෙනගිය විවිධ ජාතික ව්‍යාපාරවලටත් මම පුරෝගාමිව සහභාගිවුණා.උන් වහන්සේගේ නායකත්වයෙන් ඇරඹි බුද්ධශාසන කාර්ය සාධක මණඩලයේ මේ වනවිට සම ලේකම් ධුරය දරන්නෙත් මමයි.

සෝම හාමුදුරුවෝ සමඟත් ඔබ වහන්සේගේ කිට්ටු ඇසුරක් තිබුණා ?

ඔව් .උන් වහන්සේට ලැබෙන සමහර ආරාධනා වලට උන් වහන්සේ නියෝජනය කරන්න මට අවස්ථාව දුන්නා.පසුව උන් වහන්සේ බිහිකළ සංවිධානවලත් මම පුරා්ගාමිව සිටියා.උන් වහන්සේ නිසා රටේ විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවුණා.සෝම හාමුදුරුවන්ගේ අපවත්වීමත් මට මහ කම්පනයක් ගෙන දුන්නා.ඒ වගේම මම තවත් කම්පනයට පත්වු අවස්ථා තිබෙනවා?

ඒ මොනවාද හාමුදුරුවනේ ?

අපේ කාලයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුට මහපොළ ශීෂ්‍යාධාර ලැබුණේ රුපියල් 350යි.මේකට තව 150ක් එකතුකරගන්න ගිහින් අපේ මිත්‍රයෝ ගොඩක් ජිවිතවලින් වන්දි ගෙව්වා.එය ඉතාම අනුවේදනීයයි. එදා.අපිට ලැබුණු 350 අපිට මහ මෙරක් වගේ වටිනවා.අපේ ලොකු හාමුදුරුවන්ට අපි වෙනුවෙන් වියදම් කරන්න සල්ලි තිබුණේ නැහැ.කොළඹ ඇවිත් පිට පන්සල්වල නැවතිලා ඉගෙන ගන්නකොට මහ පොළ ශිෂ්‍යත්වය මහ ශක්තියක්වුණා.ඒ ශිෂ්‍යත්වයේ නිර්මාතෘවරයා වු ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඝාතනය මට මහ කම්පනයක් ගෙන දුන්නා.අදත් මගේ නිදන කාමරයේ බුදුරජාණන් වහන්සේගේ පින්තූරයට අමතරව තිබෙන්නේ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ පින්තූරයයි.

– ධර්ම ශ්‍රි තිලකවර්ධන-

  (ලක්බිම හිටපු ප්‍රධාන උප කර්තෘ )

Bio Data - ඉදිරියට කියවන්න
Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound