සුමංගල දහම් පාසල 


2006 වසරේ විහාරස්ථානය පුනර්ජීවනය ලැබීමේ ආරම්භයේ දී ම සුමංගල දහම් පාසැල ද ඇරඹිණි. ආරම්භයේ ශිෂ්‍යයන් 36 දෙනෙකු සහ ගුරුවරුන් සිව්දෙනෙකු පමණක් සිටි අතර 2009 ආරම්භයේ ශිෂ්‍ය සංඛ්‍යාව 350 දක්වා ද ආචාර්ය මණ්ඩලය විසිපස් දෙනෙකු දක්වා ද වර්ධනය වී තිබෙයි. රජයේ විමධ්‍යගත අරමුදලින් අවශ්‍ය ඩෙස්, බංකු සැපයිණි. ගල්කිස්ස ටෙම්ප්ලර් පාරේ මවුරි ලංකා සමාගම සියලු ම සිසු සිසුවියන්ට දිවා ආහාරය සම්පාදනය කෙරෙයි.

පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර උදෑසන ශිෂ්‍යයන් පේලි ගැසී මල් පූජාවට සහභාගී වන ආකාරය සිත්ගන්නා සුළුය. ඉන් පසු උදේ 8-9 අතර සියලුම දෙනා භාවනාවක යෙදෙන අතර , දෙමාපිය වන්දනා ගාථා , නරසීහ ගාථා, සංඝයාට වන්දනා ගාථා ආදිය ගයයි. අනතුරුව ජාතික ගීය ගයා පන්තිවලට පිවිසෙති.

මාසයකට වරක් රැස්වෙන ශිෂ්‍ය සමිතියේ දී ශිෂ්‍යයන්ගේ බොහෝ නිර්මාණ කුසලතා ඉදිරිපත් කෙරේ. ශිෂ්‍ය නායක මණ්ඩලයක් විසින් කටයුතු මෙහෙය වේ. වාර්ෂික ත්‍යාග ප්‍රදාන උලෙළක් පැවැත්වෙන අතර ඔවුනට ත්‍යාග පිරිනැමීම පිණිස අනුග්‍රාහක උපකාර ද අවශ්‍ය ව තිබෙයි.

ඉතාම විනය ගරුක සිසු පරපුරක් අනාගතයේ දායාද කරලීමේ පෙරමඟ දහම් පාසැල ඉතා ශක්තිමත් ලෙස දමා තිබෙයි.

Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound