අනුග්‍රහ
ශ්‍රී බෝධිරාජාරාමයේ දියුණුව පිණිස විශාල ශක්තියක් සපයන සුදු අම්මා ජර්මන් ජාතික උර්සුලා බයර් මැතිනිය වෙයි. රුපියල් ලක්ෂ 150ක් වියදම් කරවා තෙමහල් මන්දිරයක් ඉදිකරවීම මෙම සියලු කටයුතු පහසු කරවා තිබෙයි. ඉතාම කෙටි කලෙකින් ඉදි කළ මෙම ගොඩනැගිල්ල තුළ ආගමික කටයුතු , දහම් පාසල, පෙර පාසල, පුස්තකාල, දානශාලා,සංඝාරාම,වැසිකිළි, නාන කාමර ආදී සියල්ල ඇතුළත් ය.
උර්සුලා බයර් මැතිනිය දශක තුනකටත් අධික කාලයක් ශ්‍රී ලංකාවේ දුගී දුප්පත් දරුවන් නඟා සිටුවීමට මහත් සේ කැපවෙන ශ්‍රේෂ්ඨ කාන්තාවකි. දහස් ගණනක් දරුවන්ට ශිෂ්‍යත්ව අරමුදල් සම්පාදනය කරන ඇය සුනාමියෙන් අසරණ වූ පිරිස් වෙනුවෙන් ගම්මාන කිහිපයක් ම ඉදි කළාය. පිළියන්දල බොල්ගොඩ ජලාශය අසල ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන ඇය දේශීය වෛද්‍ය විද්‍යාවෙන් විදේශිකයන් සුවපත් කරවන ස්ථානයක් බවට පත් කරවා තිබෙයි. පරිසරයට විශේෂ ආදරයක් දක්වන එතුමිය නිර්මාංශාහාර ගන්නා බෞද්ධ කාන්තාවක් බවට පත් ව සිටී. බුදු දහමේ හරයන් ප්‍රකට කරවන ඇගේ දෙසුම් හැමදෙනාට ම ඉතා ළෙන්ගතු ඇමතුම් වෙයි. ඇගේ සියලු සමාජ සේවා කටයුතු කළමනාකරණය කිරීම ලක්ෂ්මන් මහානාම මහතා අතින් සිදු වෙයි.
Copyright 2024 @ Agalakadasirisumana.lk. All rights Reserved. Developed & Design by www.exclusivewebarts.com