කළුබෝවිටියන රුවන්කන්ද රජ මහා විහාරය


දෙණියාය මැතිවරණ කොට්ඨාශයේ දංගල කළුබෝවිටියන පිහිටි රුවන්කන්ද රජ මහා විහාරය ඈත අනුරාධපුර යුගය දක්වා ඉතිහාසයක් ඇති ලෙන් විහාරයකි. වසර දහස් ගණනක් වන පෙතෙන් වැසී තිබී සියවසකට පමණ පෙර සොයා ගනිමින් විහාරස්ථානයක් ලෙස සංවර්ධනය වූ මෙම පුදබිම අවට ජනතාවගේ සියලු ආගමික කටයුතු ඉටු කෙරෙන ආයතනයකි. එහෙත් මෑතක් වන තුරු කිසිදු සංවර්ධනයකට යොමු නොවු මෙම විහාරස්ථානය අපගේ මෙහෙයවීමෙන් පසුගිය වසර කිහිපය තුළදී අවශ්‍ය භෞතික පහසුකම් සියල්ල සංවර්ධනය කෙරිණි. පළමුවෙන්ම දෙමහල් දානශාලා මැදුරක් ඉදි කරවීම සිදු වූ අතර එයින් විශාල අඩුපාඩුවක් සැපිරිණි. දායක පිරිස විසින් ගොඩනැගීමට අරඹා තිබුණු පස්මහල් සංඝාවාස ධර්මශාලා ගොඩනැගිල්ලෙහි දෙවන මහල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේද අනුග්‍රහය මත අවසන් කෙරිණි. තුන්වන මහල වන ධර්ම ශාලාව හතර වන මහල වන පෙර පාසැල් ගොඩනැගිල්ල පස්වන මහල වන පුස්තකාල සහ පරිගණක ගොඩනැගිල්ල සාමය හා දයාව සදහා වූ පදනමේ කළමනාකරු ලක්ෂ්මන් මහානාම මහතාගේ මග පෙන්වීම මත උර්සුලා බයර් සහ ඇල්ප්‍රඩ් දෙපළගේ කාරුණික අනුග්‍රහයෙන් ජර්මන් අරමුදලක් රුපියල් කෝටියක් වැය කරවා වැඩ නිම කරවා 2019 නොවැම්බර් මස 03 දින මහත් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. මේ වන විට මෙහි පහත දැක්වෙන ආගමික සමාජ කටයුතු ආරම්භ කර තිබෙයි.

  1. මිණිමුතු පෙරපාසල අරඹා දෙවන වසරට පැමිණ තිබේ. දුෂ්කර වටපිටාවක ඇරඹි මෙම පෙරපාසල පළාතේ බොහෝ දෙමාපියන්ට මහත් උපකාරයක් වී තිබෙයි. රුපියල් ලක්ෂයක් වියදම් කොට  ඇද තිබෙන අලංකාර සිතුවම්වලින් ළමා සිත් ආකර්ෂණය කෙරෙන මෙහි උපදේශිකාවන් තිදෙනෙකු ඉතා අවම මුදලකට සේවය කරයි. 2019 දී දරුවන් 12 ක් ද 2020 දී දරුවන් 17 ක් ද අධ්‍යාපනය සදහා යොමුව තිබෙයි. 2019 කණ්ඩායම වසර  අවසානයේ නික්ම ගියේ අලංකාර ප්‍රසංගයක් පවත්වමිනි. මෙහි දරුවන් උදෙසා ක්‍රීඩා උපකරණ ආදිය තවදුරටත් සම්පූර්ණ කළ යුතුව ඇත.
  2. රුවන්කන්ද ළමා සමිතිය නමින් ළමා සංවිධානයක් 2019 අගෝස්තු මාසයෙහි ආරම්භ කළ අතර එහි සාමාජික පිරිස 45ක් වූ අතර මාසිකව රැස් වෙමින් ඔවුන්ගේ දියුණුවට විවිධ කටයුතු ඉටු කරයි. ළමා පෙරහැර මෙන්ම පෝදා සිල් වැඩ සටහන් සහ සල්පිල් ආදිය දැනට පවත්වා තිබෙයි.
  3. 2020 ජනවාරි මස 19 දින සිරිසුමනසාර දහම් පාසල ආරම්භ කෙරිණි. මේ වන විට ශිෂ්‍යයන් 125 ඉක්මවා ඉතා විනයානුකූල අධ්‍යාපනයක නිරත වන අතර ආචාර්ය මණ්ඩලය මේ වන විට 17 දෙනෙකුගෙන් යුතු වෙයි. උදෑසන 7.30 ට පැමිණෙන ශිෂ්‍යයන් 8.30 දක්වා වන්දනා හා භාවනාවෙහි යෙදෙන අතර දවල් 12.00 ට අවසන් කෙරෙයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් එක් කොට දහම් පාසල් සංවර්ධන සමිතිය ද පිහිටුවා ඇති අතර ඒ මගින් දරුවන් සදහා දිවා ආහාරය පිරිනැමීමට ද කටයුතු යොදා තිබෙයි. අවශ්‍ය පොත් පත් සියලු දෙනා වෙත ලබා දී තිබෙයි.
  4. ප්‍රෙද්ශවාසී දරුවන්ගේ කියවීමේ රුචිය දියුණු කිරීමේ අරමුණින් ලක්ෂ්මන් මහානාම පුස්තකාලය ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර තිබේ. පුස්තකාලයෙහි රාක්ක ගැසීම අවසන් කර තිබෙයි. පොත්පත් ආදිය සම්පාදනය කොට නොබෝ දිනකින් විවෘත කිරීමට නියමිතය. දරුවන් මෙන්ම වැඩිහිටියන් සදහාද පොත්පත් නිකුත් කිරීමට මෙහිදි බලාපොරොත්තු වෙයි.
  5. දරුවන් වෙනුවෙන් පරිගණක තාක්ෂණ පුහුණු ආයතනයක් වෙනුවෙන් කාර්යාල පහසුකම් වෙන් කර ඇති අතර මෙය වායුසමනය කොට පරිගණක යන්ත්‍ර ලබා ගෙන ඇරඹීම සදහා අනුග්‍රාහකයෙකු සොයමින් පසු වේ.
  6. පෝදා ආගමික වැඩ සටහන ආරම්භ කළ අතර උදේ සිට සවස දක්වා විශාල පිරිසක් ශීල සමාදානයෙහි යෙදීමත් ඔවුන්ට දානය පිරිනැමීමත් සිදු කෙරෙයි. එමෙන්ම ධර්ම දේශනා භාවනා වැඩ සටහන්ද ක්‍රියාත්මක වෙයි.
  7. විහාරස්ථ දායක සභාව සෑම මසකම පෝදා රැස් වන අතර දායක සාමාජික මුදල් එකතු කිරීම පෝදා ආගමික කටයුතු සංවිධානය විහාරස්ථානයේ දානමාන කටයුතු සංවිධානය ඇතුළු සියලු කටයුතු සොයා බැලීම සහ අවශ්‍ය කටයුතු යෙදීම සිදු කෙරෙයි.
  8. වාර්ෂික වෛද්‍ය සායනය අගෝස්තු මාසයෙහි සිදු වෙයි. මොරටුව සොයිසාපුර වෛද්‍ය මධ්‍යස්ථානයෙහි දොස්තර අමරජීව මහතාගේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම සායනයට විශාල පිරිසක් සහභාගී වෙයි. ඇස් පරීක්ෂා කොට කණ්ණාඩි ලබා දීම, ඊෙ සී ජී පරීක්ෂණ සහ දියවැඩියා පරීක්ෂණ ආදිය සිදු කොට ඖෂධ නිකුත් කිරීම වෛද්‍ය මණ්ඩලයක් වෙතින් සිදු කෙරේ.
  9. මෙම පුළුල් කාර්යයන් ඉටු කිරීම සදහා අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් දියුණ කර ගැනීම සදහා මොරටුවේ ව්‍යාපාරික ආයතනයක් ලක්ෂ 32 ක් වැය කොට බෝධි ශාලා මන්දිරය ඉදි කර දුන් අතර එහි දෙවන මහල සදහා ලක්ෂ 15 ක මුදලක් අවශ්‍ය වී තිබෙයි. එහි තෙවන මහලේ චෛත්‍යය ඉදි කිරීමට බලාපොරොත්තු වෙමු.
  10. ප්‍රදෙශවාසී දෙමාපියන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට උපකාරී වීම පිණිස රුවන්කන්ද ස්කූල් නමින් අධ්‍යාපන ආයතනයක් 2020 මැයි මාසයේදී  ආරම්භ කිරීමට නියමිතය. 01 ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා සියලු විෂයයන් මෙන්ම ඉංග්‍රීසි භාෂා පන්ති ද මේ මගින් පවත්වන්නට බලාපොරොත්තු වේ. දැනට 10 දෙනෙකුගෙන් යුත් ආචාර්ය මණ්ඩලයක් මේ සදහා බදවා ගෙන තිබෙයි. අවම මුදලක් මේ වෙනුවෙන් සිසුන්ගෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි
  11. දෙමාසයකට වරක් ජනප්‍රිය ධර්ම දේශකයන් වහන්සේ නමක වැඩමවා ධර්ම දේශනා මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙයි. එහි පළමු පියවර 2020 පෙබරවාරි මාසයෙහි සිදු කළ අතර දෙවන පියවර සූදානම් කර තිබෙයි.
Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound