ලුනාව ගම්මානය 


මොරටුව , ලුනාව ගම්මානය ගාලු පාරේ කුරුස හන්දියේ සිට ඇරඹෙන උයන පාර ඔස්සේ ගොඩනැගී ඇති සුන්දර ගම්මානයකි. බෞද්ධ හා ක්‍රිස්තියානි භක්තිකයන් සහජීවනයෙන් වාසය කරන මෙම ගම්මානය, මොරටුවට ආභරණයක් සහ වටිනා සෞන්දර්ය උරුමයක් වන ලුනාව කලපුව එක් පැත්තකින් ද සුන්දර මුහුදු වෙරළ තීරය අනෙක් පසින් ද පිහිටි භූමි ප්‍රදේශයක් තුළ ගොඩනැගී තිබෙයි. මුහුදු වෙරළට සහ උයන පාරට සමාන්තරව කොළඹ, මාතර දුම්රිය මාර්ගය වැටී තිබීම මෙම ගම්මානයේ සෞන්දර්ය චමත්කාරය වඩාත් දර්ශනීය බවට පත් කරවයි.

විදේශිකයන් විසින් ඔරු, පාරු රට තුළට ප්‍රවාහනය කරලීම පිණිස මුහුදේ සිට හාරන ලද දිය අගල අද ලුනාව කලපුව වෙයි. වටිනා පරිසර සම්පතක් වන මෙය කාලාන්තරයක් තිස්සේ කර්මාන්ත ශාලාවන්හි අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක් බවට පත් ව තිබීම හේතුවෙන් මුළුමනින් ම දූෂණය වී මත්ස්‍ය සම්පත හා කඩොලාන සියල්ල විනාශ වී මදුරුවන් ඇතුළු විෂබීජ බෝ කරන උල්පතක් බවට පත් ව තිබුණි.

එහෙත් මෑතක දී නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සහ විවිධ දෙපාර්තමේන්තු ආයතනවල මෙහෙයවීමෙන් විදේශ ආධාර මත මෙම කලපුව පිරිසිදු කොට දර්ශනීය ජලාශය නැවත ගොඩනගා තිබෙයි. ව්‍යායාම කරන්නන්ට මෙන් ම දේශීය, විදේශීය සංචාරකයන්ට විනෝදය ඇති කරන විවිධ අංග ආරම්භ කිරීමට ද යෝජිත ව තිබෙයි. එබැවින් කලපුව නිසා අලංකාර වූ මෙම ගම්මානයෙහි ක්‍රිස්තියානි දේවස්ථාන හතරකි. ප්‍රදේශයේ මෙන් ම විවිධ ප්‍රදේශවල සිට මේ දේවස්ථාන කරා නිතර පැමිණෙන ජනයාගෙන් ද මෙම ගම අලංකාර වෙයි.

එමෙන්ම ලංකාවේ ප්‍රධාන පාසලක් වන ශාන්ත සෙබස්තියන් විදුහල පිහිටා ඇත්තේ ද මෙම ගම්මානය කේන්ද්‍ර කර ගනිමිනි. එමෙන්ම මොරටුවේ ඇති එකම ප්‍රධාන රෝහල වන ලුනාව දිස්ත්‍රික් රෝහල ද , ලුනාව ආයුර්වේද රෝහල ද පිහිටා තිබීම හේතුවෙන් ජනතාවට සියලු සෞඛ්‍ය පහසුකම් සපුරාගත හැකිව තිබෙයි.

ලීබඩු කර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් මෙම ගම්මානයෙහි ධීවර ජනතාව ද වෙසෙත්. එහෙත් වැඩි දෙනෙක් ඉතා අහිංසක ලෙස තම නිවෙස්හි ලීබඩු සාදා අලෙවි කර ජීවත් වන බැවින් වැඩි පිරිසක් වඩු කාර්මිකයෝය. මේ අතර රජයේ හා පෞද්ගලික අංශවල සේවය කරන විධායක ශ්‍රේණියේ වෘත්තිකයන් රාශියක් ද මෙහි ජීවත්වෙති.උයන කනිෂ්ඨ විද්‍යාලය ප්‍රාථමික අධ්‍යාපනය සපුරා ගැනීම පිණිස සැකසුණු පාසලකි.

ගම්මානයේ වෙසෙන බෞද්ධ ජනතාවගේ ආගමික ජීවිත වෙනුවෙන් සැකසුණ ප්‍රධාන විහාරස්ථාන දෙකකි. ශ්‍රී විශුද්ධාරාමය පැරණි විහාරස්ථානය වන අතර එය මුල් කොට වාර්ෂිකව පැවැත්වෙන ලුනාව පෙරහැර ලෙස ශ්‍රී ලංකාව පුරාම ජනප්‍රියව පවතී.

Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound