පාස්කු කොමිසම් වාර්තාවට එරෙහිව සත්‍යග්‍රහයක. යුක්තිය උදෙසා යතිවර පාරමිතාව නමින් ත්‍රෛනිකායික මහා සංඝරත්නය කොළඹ නිදහස් චතුරශ්‍රයට එක්ව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව දැඩි ලෙස විවේචනයට ලක් කරන ලදී.

පිළිගැනීමේ කතාව සහ අරමුණ පැහැදිලි කළ උලපනේ සුමංගල නායක ස්වාමීන් වහන්ස විසින් රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරනලදි.

සංඝරත්නය කියා සිටියේ සහරාන් පෝෂණය කළ අන්තවාදී පිරිස් මෙන්ම බුද්ධි අංශ කණ්ඩායම් පිළිබඳව වහා විමර්ශනයක් කළ යුතු බවත් මෙම ප්‍රහාරය පිටුපස සිටින මහා මොළකරුවන් වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

අන්තවාදී ක්‍රියා නොකොට අවි ආයුධ එක්රැස් නොකොට ප්‍රහාර සහ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුනොකළ සිංහල බෞද්ධ සංවිධාන වලට එරෙහිව නගා තිබෙන චෝදනා වහාම අත්හිටවන ලෙසත් වහබ් වාදය සහ අන්තවාදය පතුරන අන්තවාදී මුස්ලිම් සංවිධාන මෙම වාර්තාවෙන් ඉවත් කර තිබීම විමතියට කරුණක් ලෙස පෙන්වා දෙන ලදී.

කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමියන් විසින් ප්‍රකාශ කර සිටියේ සිංහල බෞද්ධ නායකයන් විනාස කිරීමට ජත්‍යන්තරයෙන් මෙන්ම මූලධර්මවාදී කණ්ඩායම් වලට උවමනා වී තිබෙන බවත් එයට සිංහල බෞද්ධයන් ලෙස මෙන්ම මහා සංඝරත්නය ලෙස කිසිලෙසකටත් ඉඩ නොදෙන බවත් ඉදිරියට මෙම විනාශකාරී යෝජනාවන් වලට එරෙහිව මහා සංඝරත්නය පෙළගස්වන බව ප්‍රකාශ කරන ලදී.

මෙහිදී බොදුබලසේනාවේ කැඳවුම්කරු ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්ස ප්‍රකාශකර සිටියේ ඉතා හොඳ මට්ටමේ තිබූ කොමිෂන් සභාව අවසාන කාලයේ දී යම් පුද්ගලයෙකුගේ උවමනාව මත සම්පූර්ණයෙන්ම වාර්තාව විකෘති කළ බවත්, සාක්ෂි සහිතව එය ඔප්පු කළ හැකි බවත් ප්‍රකාශ කළ සිටියා.

පොලොන්නරුව දිස්ත්‍රික්ක අධිකරණ සංඝනායක කදුරුවෙල ධර්මපාල නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ සිංහල බෞද්ධ නායකයන් දඩයම් කිරීමට මෙම කොමිෂන් සභාව ප්‍රයෝජනයකට ගෙන තිබෙන බවත් ඉදිරියේ දී මෙම කොමිෂන් සභා වාර්තාවට එරෙහිව දීප ව්‍යාප්ත සංඝරත්නය පෙරදැරි කරගත් සත්‍යයක් ග්‍රහ මාලාවක් ක්‍රියාත්මක කරන බවත් පැවසීය.

Courtsy of lanka C news

Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound